සොරකම් අස්සේ සිදු වුණ විවාහය
රූපවාහිනි රංගන ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධියට පත් හොලිවුඩ් නිළි කෙයිට්ලින් මැකිහියූ සතු ස්වර්ණාභරණ සහ මුදල් ප්‍රමාණයක් සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එහි මූලික වටිනාකම ඇ.ඩො. 165,000 ක් බවයි සඳහන් වෙන්නේ. ඇය මෙම සොරකම් පිළිබඳව බෙවර්ලි හිල්ස් පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර, ඔවුන් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන් වෙයි.
මීට පෙර බෙවර්ලි හිල්සි හි නිවාඩු කාලය ගත කරනු ලැබූ හොලිවුඩ් තරු රැසකටද මෙවැනි සොරකම් සඳහා මුහුණ දීමට සිදුවූ බවද සඳහන් වෙයි. ඊට අමතරව ඇයගේ තවත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇයගේ විවාහය පිළිබඳවයි. ඇයගේ විවාහය සිදුවූයේ හොලිවුඩ් නළු ජෝන් ස්ටැමොස් සමගිනි. ස්ටැමොස්ගේ දෙවැනි විවාහයද මෙය වන අතර, කෙයිට්ලින්ගේද දෙවැනි විවාහය මෙය වෙයි.