සොනක්ෂිට අවුලක් නැහැලු
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සොනක්ෂි සින්හා ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘නූර්’ චිත්‍රපටය තිරගත වන අප්‍රේල් 21 වැනිදින තවත් බොලිවුඩ් චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ රවීනා තන්ඩන් ප්‍රධාන චරිතය නිරූපණයට කරන ‘මැටර්’ හා කල්කි කෝචින් ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘අ ඩෙත් ඊන් ද ගුන්ජ්’ චිත්‍රපටයි.
කෙසේ වෙතත්, සොනක්ෂි ‘බොලිවුඩ් ඔෆ් ලයිෆ්’ වෙබ් අඩවියට පවසා ඇත්තේ, එම චිත්‍රපට දෙක තමාගේ ‘නූර්’ චිත්‍රපටය තිරගතවන දිනයේදීම ප්‍රදර්ශනය වීම තමාට කිසිදු ගැටලුවක් නොපවතින බවය. සොනක්ෂි අවසන් වරට පෙනී සිටි ‘ෆෝකස් 2’ වැනි චිත්‍රපටය අසාර්ථක එකක් වු අතර, ඇය අවසන් වරට පෙනී සිටි චිත්‍රපට කිහිපයකම අසාර්ථක ලැයිස්තුවට එක්විය.