සොනක්ෂිගේ හයවැනි චිත්‍රපටයත් අසාර්ථක වෙයිද?
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සොනක්ෂි සින්හා ප්‍රධාන චරිත නිරූපණය කරන ‘වෙල්කම් ටූ නිව්යෝර්ක්’ චිත්‍රපටය පොබරවාරි 23 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතය. මෙම චිත්‍රපටය තිරගත වීමට පෙර සොනක්ෂි සින්හා රංගනයෙන් දායක වූ අවසන් බොලිවුඩ් චිත්‍රපට 5 අසාර්ථක ඒවා විය. සිනමා විචාරකයන් පවසන්නේ ‘වෙල්කම් ටූ නිව්යෝර්ක්’ චිත්‍රපටය හරහා නැවතත් සොනක්ෂිට සාර්ථක නිළියක් වන්නට හැකිවේද යන්න ගැටළුවක් පවතින බවය.
2015 වසරේ සොනක්ෂි, අර්ජූන් කපූර් සමගින් රඟපෑ ‘තේවාර්’ චිත්‍රපටය අසාර්ථක වූ අතර, එය වියදම් වු මුදල පවා සොයා ගැනීමට නොහැකි විය. ඉන් පසුව තිරගත වූ ‘අකීරා’ හා ‘ෆ්‍රෝස්’ 2 චිත්‍රපටය වියදම් වූ මුදල සොයා ගත් නමුදු සොනක්ෂිගේ ‘නූර්’ චිත්‍රපට සොනක්ෂි සඳහා ගෙවූ මුදල පවා ගැනීමට නොහැකිව දැඩි ලෙස අසාර්ථක විය. සොනක්ෂි අවසන් වරට සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායක වූයේ ‘ඉටෙෆාක්’ චිත්‍රපටය සිය නිෂ්පාදන මුදල වඩා සුළු මුදලක් වැඩිපුර සොයා ගැනීමට සමත් විය.