සොනක්ෂිගේ මවත් දේශපාලනයට
ජනප්රිය බොලිවුඩ් සිනමා නිළි සොනක්ෂි සින්හා හා ජනප්රිය හින්දි සිනමා නළුවෙකු මෙන්ම ඉන්දීය ඇමතිවරයෙකුද වන සත්රුගන් සින්හාගේ බිරිඳ පූනම් සින්හා මේ දිනවල ඉන්දිය දේශපාලනයට පිවිස තිබේ. ඇය මෙවර ඉන්දීය මැතිවරණයේදී ‘භාරති’ ජනතා පක්ෂය නියෝජනය කරමින් ලක්නව් ආසනය සඳහා තරග වදින බවට තොරතුරු වාර්තා වේ.
ඇය පසුගියදා ඇය සිය ‘ටිවිටර්’ ගිණුම තුළ මෙවැනි සටහනක්ද තබා තිබුණි. ‘මගේ ජයග්රහණය ගැන මට විශ්වාසයි. මගේ පක්ෂය මේ වැඩ ගොඩක් කරලා තියෙනවා. ලක්නව්වල ජනතාවගේ ආශීර්වාද මට තියෙනවා.’ කෙසේ වෙතත්, මෙවර පුනම්ගේ සැමියා වූ සත්රුගන් සින්හා ඉන්දීය මැතිවරණයට ඉදිරිපත් නොවන බව සඳහන් වේ.