සොනක්ෂිගේ 'නෝර්' ෆේල්
2014 වසරේ තිරගත වූ ‘ලින්ගා’ දමිළ චිත්‍රපටයෙන් පසුව සොනක්ෂි සින්හා රංගනයෙන් දායකවූ සියලු චිත්‍රපට මේ වනවිට අසාර්ථක වී තිබෙනවා. පසුගිය අප්‍රේල් 14 වැනිදා ඇය රංගනයෙන් දායක වු අලුත්ම චිත්‍රපට වන ‘නෝර්’ චිත්‍රපටයද මේ වනවිට අසාර්ථක චිත්‍රපට අතරට එක්ව තිබෙනවා. තවමත් ප්‍රදර්ශනය වෙමින් පවතින චිත්‍රපටයක් වුවද ‘නෝර්’ චිත්‍රපටයට මේ දක්වා උපයා ගැනීමට හැකිව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 8.5ක මුදලකි. චිත්‍රපටය සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 21ක් බව සඳහන් වේ. ඇය ‘ලින්ගා’ චිත්‍රපටයෙන් පසුව රංගනයෙන් දායකවූ ‘තේවාර්’, ‘අකීරා’, ‘ෆෝකස් 2’ චිත්‍රපට මුළුමනින්ම පාහේ අසාර්ථක වුවා.