සොනක්ෂිගේ අලුත් පෙම්වතා ගැන කී කතා බොරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-98

තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිත ප්‍රභුදේවාගේ ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සොනක්ෂි සින්හා එක්වූ ප්‍රචාරක වැඩසටහනකදී මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්නවිමසිමකදී සොනක්ෂි පවසා තිබුණේ දැනට තමා තනිකඩව සිටින බවය.

පසුගිය කාලයේ සොනක්ෂි හා ‘නෝට්බුක්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවු සහිර් ඉක්බාල් සමගින් ප්‍රේම සම්බන්ධයක් පවතින බවට තොරතුරු වාර්ත විය. කෙසේ වෙතත්, ඇය පවසන්නේ තමන්ගේ හිටපු පෙම්වතා වූ බන්ටි වාලියා හැරෙන්නට වෙනත් අයෙකු සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් නොපැවැත්වු බවය.