සොනක්ෂිගේ අලුත් චිත්‍රපටයත් අසාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-221

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සොනක්ෂි සින්හා රංගනයෙන් දායක වූ අලුත්ම චිත්‍රපටය පසුගිය අගෝස්තු දෙවැනිදා තිරගත විය. බුෂන් කුමාර්ගේ නිෂ්පාදනයක් වූ Khandaani Shafakhana චිත්‍රපටය සොනක්ෂි මේ වසරේ රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය විය. තිරගත වූ පළමු දිනයේදී ඉන්දීය රුපියල් ලක්ෂ 80ක ආදායමක් උපයාගන්නට මෙම චිත්‍රපටය සමත් වූවද දින කිහිපයක් ගෙවෙද්දි මෙම චිත්‍රපටය උතුරු ඉන්දීය සිනමා ශාලාවලින් ඉවත් කරන්නට වූයේ අතිශය පාඩු ලැබීම හේතුවෙනි.

2015 වසරේ සිට මේ දක්වා සොනක්ෂි සින්හා රංගනයෙන් දායක වූ සියලු බොලිවුඩ් චිත්‍රපට අසාර්ථක ඒවා වී ඇති අතර, ආක්ෂේ කුමාර් සමග ‘මිෂන් මංගල්’ හා සල්මාන් ඛාන් සමග ‘ඩබාන්ග්’ චිත්‍රපට තුළින් ඇය මේ වසර තුළදී සිනමා ප්‍රේක්ෂකයන් මුණ ගැසීමට සූදානමින් සිටියි. ආක්ෂේ මෙන්ම සල්මාන්ද මේ වනවිට බොලිවුඩයේ සිටින අති සාර්ථකම නළුවන් දෙදෙනා වන අතර, ඔවුන් නිසා සොනක්ෂිටද සාර්ථක විය හැකි බව සිනමා විචාරකයින් සිය මත පළ කොට ඇත.