සොනක්ෂිගේ අලුත්ම චිත්‍රපටය සාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-05-ent-19

දිගින් දගටම අසාර්ථක චිත්‍රපට බොහෝමයක රඟපෑ සොනක්ෂි සින්හා මේ වනවිට අලුත් චිත්‍රපටයක් තුළින් බොලිවුඩ් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණ සිටියි. ඒ මුඩාසර් අසීස් විසින් අධ්‍යක්ෂණය කළ ‘හැෆි ෆිර් භාග් ජායේගී’ චිත්‍රපටය තුළිනි. පසුගිය අගෝස්තු 24 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය මේ වනවිටත් ඉන්දීය රුපියල් කෝටි 12ක ආදායමක් ඉන්දියාවෙන් පමණක් උපයාගෙන ඇත.

සිනමා විචාරකයන් පවසන්නේ වසර තුනකට පසුව සොනක්ෂි සින්හා රඟන චිත්‍රපටයක් මෙසේ ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක වී ඇති බවය. ඉන්දීය රුපියල් කෝටි 21ක් වියදම් කරමින් තැනුණ මෙම චිත්‍රපටය ඉතා ඉක්මණින් සිය වියදම් මුදල සොයා ගනු ඇති බවට විචාරකයන් වැඩිදුරටත් පවසා ඇත.