සෙලීනාට අලුත් පෙම්වතෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-13-ent-195

මේ දිනවල ප්‍රශංයේ පැවැත්වෙන 72 වැනි කාන්ස් උළෙලට පැමිණි තරු අතරේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුයේ යොවුන් හොලිවුඩ් සිනමා නිළි සෙලීනා ගෝමස් කෙරෙහිය. නිළියක් මෙන්ම ගායිකාවක් ලෙසද කටයුතු කරන ඇය පසුගිය කාලයෙ වඩාත් කතා බහට ලක්වූයෙ වසර කිහිපයක් තිස්සේ සිය පෙම්වතාව සිටි ජස්ටින් බීබර් ඇයගෙන් වෙන්වීම හේතුවෙනි.

කෙසේ වෙතත්, සෙලීනා මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ‘කාන්ස්’ උළෙලේ රතු පළස මතින් ඇවිදි ගියේ සිය අලුත්ම පෙම්වතා බව සැළකෙන 62 වැනි වියෙහි පසුවෙන හොලිවුඩ් සිනමා නළු බිල් මරේ සමගය. මෙය ප්‍රසිද්ධියේ වූ සිදුවීමක් නිසාවෙන් මෙම ප්‍රේම සම්බන්ධය සත්‍ය එකක් බව පිළිගන්නට වෙන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.