සෙලීනාගේ සමේ රෝගයට බෙහෙත් නැතිලු
මෙතෙක් රහසක්ව තිබුණු කාරණයක් සෙලිනා ගෝමස් පසුගියදා අනාවරණය කළාය. ඇය පැවසුවේ තමන් තුළ නිධන්ගත වූ සමේ රෝගයක් පවතින බවයි. පසුගිය වසර 16ක කාලය තුළදී තමන් මෙම රෝගයෙන් පීඩා විඳිමින් එය සුවකර ගන්නට දැඩි උත්සාහයක් දැරු බවත් ඇය ප්‍රකාශ කර තිබේ.
සෙලිනා තමන්ගේ රෝගී තත්ත්වය හෙළිකර ඇත්තේ මීට වසර දෙකකට පෙරදීයි. සෙලීනා මෙම රෝගී තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රසංගද අවලංගු කර ඇතැයි සඳහන් වේ. තවමත් මෙම රෝගයෙන් නිසි සුවයක් නොලබා සිටින ඇය, පසුගියදා දකුණු කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයකට මූල්‍ය දායකත්වයක් ලබා දුන්නාය. ඒ, එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් සමේ රෝග පිළිබඳව කරනු ලබන පර්යේෂණ කටයුතු වෙනුවෙනි.
එහිදී ඇයගේ බලාපොරොත්තුව වන්නේ, ඇය මෙන්ම මෙවැනි සමේ රෝගයෙන් පෙළෙන වූවන් සඳහා මෙහිදී යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව සෙලීනා මේ පිළිබඳව අවධානය යොමුකර ඇති බව සඳහන් වෙයි.