සෙලීනා තවමත් දුකින් ලු
ජනප්‍රිය පොප් ගායිකාවක වන සෙලීනා පිළිබඳව මේ දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය දුකින් කාලය ගත කරන බවයි. ජස්ටින් බීබර්ගේ හදිසි විවාහ ගිවිස ගැන්මත් සමග කම්පාවට පත්වුණු සෙලිනා ගෝමස් පවසා සිටියේ මින්මතුවට තනිකඩව දිවිය ගෙවන බවයි. නමුත්, පසුගිය සතියේ හොලිවුඩ්පුරවරයෙන් වාර්තා වූයේ අඳුරු මතකයෙන් සමුගෙන නැවතත් සැබෑ ආදරය සොයායන්නට මේ ජනප්‍රිය යොවුන් ගායිකාව සූදානම් බවය. මේ කාරණාව පිළිබඳව ඇය තම ට්විටර් ගිණුමේ සටහන් කර ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි.