සෙලීනා අවු 68 ක පෙම්වතාගේ කතාව බොරුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-23-ent-112

තාරුණ්‍යයේ ගායිකාව ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි සෙලීනා ගෝම්ස් 69 වයසක පුද්ගලයෙකු සමග විවාහ වීමට සූදානම් බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මේබව ඇය සඳහන් කර ඇත්තේ තමන්ගේ ඉන්ටග්‍රෑම් ගිණුමේ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 69 වසයේ පසුවන ‍හොලිවුඩ් නළු වන මරී සමගින් ඇය පසුගියදා කෑන්ස් චිත්‍රපට උළෙලට සහභාගී වී තිබේ.

එහිදී ඇය සහ බිල් එකට සිටින ඡායාරූප බොහෝ ප්‍රමාණයක් මේවනවිට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින්ද පවතී. ඇය තම ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ තම පෙම්වතා පිළිබඳව සඳහන් කල පසු ඇය පිළිබඳව බොහෝ දෙනා පුදුමයට පත්ව තිබෙනවා. ඒ පිළිබඳව මේවනවිට සමාජ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය දරන්නේ වෙනස්ම අදහසකි. ඇතැමුන් සඳහන් කරන්නේ සෙලීනා මේවනවිට මානසික රෝගයකින් පෙලෙන අතර ඒ හේතුවෙන් ඇය මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි පැවසෙන්නේ. නමුත් මේ කාරණාව පිළිබඳව ඇතැම් අය අදහස් පල කරන්නේ ඇය සහ බිලී එක්ව රංගනයෙන් දායක වීමට නියමිත ඇති The Dead Don't Die චිත්‍රපටයේ ප්‍රචාරයට මෙලෙස පුවත් මවන බවයි.