සූර්යා ඉක්මණින් සුවය ලබයි
දකුණු ඉන්දීය සුපිරි නළු සූර්යා මීට දින කිහිපයකට පෙර ‘කොවිඩ්’ ආසාධිතයෙකු බවට වෛද්‍ය පරික්ෂණවලින් සනාථ විය. පසුව චෙන්නායි නගරයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබු සූර්යා මේ වනවිටත් පූර්ණ සුවය ලබා සිය නිවසට ගොස් තිබෙන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, සූර්යා පවසන්නේ තමා සමග සමිපව කටයුතු කළ පවුලේ අය හා එකම සහෝදරා වූ කාර්තිද ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවය. එමෙන්ම තමන් සමග පසුගිය කාලයේ සමිපව කටයුතු කළ සැමගෙන් ‘කොවිඩ්’ පරික්ෂණයක් කරගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් කර ඇත.