සුහානාගේ කාරුණික ඉල්ලීම
වැඩි වශයෙන් සමාජ මාධ්‍යයන් භාවිතා කරන්නීයක් වන සුහානා ඛාන් (ෂාරුක් ඛාන්ගේ දියණිය) සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා තම රසික පිරිස් සමගින් විවිධ දේ බෙදාහදා ගනිමින් සිටියි. මේ වනවිට මාපියන්ගෙන් වෙන්ව සුහානා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ සිනමා කර්මාන්තය පිළිබඳව හදාරමින් සිටියි.
ඉන්දියාව පුරා ‘කොවිඩ්’ ආසාධිතයින් ප්‍රමාණය ඉහළ යාම ඇයගේ කණසල්ලයට හේතුවක් වි ඇති අතර, ඇය පවසන්නේ එය ඉතාමාත් භායනක තත්ත්වයක් බවය. ලොවපුරා වෙසෙන ජනප්‍රිය පුද්ගලයන්ද මෙම වෛයිරසයට ගොදුරව ඇති බව පවසන ඇය ඉන්දීය ජනයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් තම ආරක්ෂාව තමන් විසින්ම සපයා ගත යුතු බවය.