සුහානා ඛාන්ගේ පළමු රංගනය කෙටි චිත්‍රපටයකින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-92

බොලිවුඩයේ රජු ශාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් නුදුරේදීම රිදී තිරය වර්ණවත් කිරීමට එක්වනු ඇති බව නොරහසක්.

ඒත් අහස අල්ලන්ට පෙර පොඩි තැනකින් සිය ගමන ආරම්භ කරන්නට ඇය තීරණය කර තිබෙනවා. ඒ සුහානා ඉගෙනුම ලබන විද්‍යාලයේ කෙටි චිත්‍රපටයකට රංගන දායකත්වය ලබා දෙමින්.

අඩු වියදම් නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටය නම් කර ඇත්තේ “ද ග්‍රේ පාට් ඔෆ් බ්ලූ” නමින්.

19 හැවිරිදි සුහානා පෙනී සිටි මේ කෙටි චිත්‍රපටය දැනටමත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් ප්‍රචාරය වන්නට පටන්ගෙන වගේම ඇගේ රංගන දක්ෂතාවය ගැනත් බොහෝ දෙනෙක් කතා කරන්නට පටන් ගෙන තිබීම සිනමා රසිකයින්ට ගෙන එන්නේ සතුටුදායක බලාපොරොත්තුවක්.