සුෂ්මිතා ගේ පෙම්වතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-882

සුෂ්මිතා සෙන් සහ ඇගේ පෙම්වතා රෝමන් ෂෝල් ගේ ඡුායාරූප නිරන්තරයෙන්ම සමාජ වෙබ් අඩවිවල දකින්නට ලැබෙන්නේය. 43 හැවිරිදි සුෂ්මිතා සහ පෙම්වතා එකිනෙකාට බෙහෙවින් ගැලපෙන යුවළක් බැව් ඒවා දකින අය කියති. එහෙත් ඔහු ඇයට වඩා අවුරුදු 15 කින් බාලය. 1991 උපන් ඔහු මේ වන විට 27 හැවිරිදි තරුණයෙකි. එම නිසාම ඔවුන්ගේ පේ‍්‍රම සම්බන්ධය හෙළා දකින අය ද සිටිති. සමහරු නම් කියන්නේ පි‍්‍රයංකා චොප්රාට තමාට වඩා අවුරුදු 10ක් බාල අයෙකු සම`ග විවාහ වෙන්නට පුළුවන්කම තිබුණේ නම් සුෂ්මිතාට නොහැකි මන්දැයි යනුවෙනි.

මධ්‍යම පාන්තික සුන්නි මුස්ලිම් පවුලක සාමාජිකයෙකු වන රෝමන් නිරූපණ වෘත්තියේ යෙදෙන්නෙකු වුවත් ඔහු බොහෝ දක්ෂතා ඇති අයෙකි. ඔහු ගිටාර් වාදනයට, චිත‍්‍ර අ`දින්නට මෙන්ම පාපන්දු කි‍්‍රඩාවට ද පි‍්‍රය කරන්නේය.

‘‘හුගක් අය හිතාගෙන ඉන්නෙ අපි දෙන්නා හමුවුණේ ෆැෂන් ෂෝ එකකදී කියලා.. ඒත් ඒක එහෙම නෙමෙයි.. අපි දෙන්නට තියෙන්නෙ හු`ගක් ලස්සන ආදර කතාවක්..’’

මේ මෑතකදී සුෂ්මිතා විවෘතව සිය පේ‍්‍රම සම්බන්ධය ගැන කතා කළාය.

‘‘එයා මට ඉන්ස්ටර්ග‍්‍රෑම් එකෙන් කෙළින්ම පණිවිඩයක් එවලා තිබුණා.. සාමාන්‍යයෙන් මම කෙළින්ම එවන පණිවිඩ කියවන්නෙ නෑ.. එහෙම කියෙව්වම එවන එක්කෙනයි මායි අතරේ බැ`දීමක් ඇති වෙයි වගේ හැ`ගීමක් මට තිබුණා.. ඉදලා හිටලා මම ඒ ඔක්කොම කියවනවා.. එහෙම කියෙව්ව දවසක මේ කොල්ලා එවපු පණිවඩයක් තිබුණා.. ඒකේ මට මොකක්දෝ අමුත්තක් දැනුණා.. ඒ හින්දා මම උත්තරයක් යැව්වා.. එයා මට කියලා එව්වා ඇත්තටම මම හිතුවෙ නෑ ඔයා උත්තර එවයි කියලා..

මම සන්තෝසේ දරා ගන්න බැරුව කාමරෙන් කාමරේට දිව්වා කියලා.. පිස්සු කොල්ලෙක් කියලා මම හිනා වුණා.. මම ඊට පස්සෙ ඇමෙරිකා සංචාරයකට ගියා.. ආයෙමත් රෝමන්ගෙන් පණීවිඩයක් ආවේ මාසෙකට විතර පස්සෙ.. අපි දෙන්නා නිතරම පණිවිඩ හුවමාරු කර ගත්තා.. එයා මට කියලා තිබ්බා හම්බ වෙන්න ආසයි.. එයා ෆුට්බෝල් සෙල්ලම් කරනවා බලන්න එන්න කියලා.. ඒත් මම ඒකට කැමති වුණේ නෑ.. ඉතින් මම ආරාධනා කළා කෝපි එකක් බොන්න යමු කියලා.. එහෙම තමයි අපි ඉස්සර වෙලාම හමු වුණේ.. හැබැයි මට දැනුණෙ මුළු ජීවිත කාලෙම ඔහුව දැනගෙන හිටියා වගේ..’’ සුෂ්මිතා පැවසුවාය.

හමු වී ටික කලකට පසුව ඔහු ඇයට විවාහ යෝජනාවක් ගෙනාවේය. සුෂ්මිතා එය පිළි ගත්තාය. ඔවුන් දෙදෙනා නිතරම එකිනෙකා හමු වන බවට කටකතා පැතිර තිබුණත් ඔවුන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටියේ ශිල්පා ෂෙට්ටි විසින් පවත්වන ලද දිවාලි සාදයේදීය. මේ වසරේ ඔවුන් විවාහ වෙන්නට නියමිත බැව් බොලිවුඞ් ආරංචි මාර්ග කියයි.