සුශාන්ත්ට අලූත් පේ‍්‍රමයක්
වරින්වර විවිධ නිළියන් සම`ග සම්බන්ධතාවන් පවත්වන සුශාන්ත් සිං රාජ්පුත් ගේ නම සම`ග පසු ගිය දිනවල කියැවුණේ කේදාර්නාත් චිත්‍රපටියේ ඔහුගේ සහාය නිළිිය වූ සාරා අලි ඛාන් ගේ නමය. එහෙත් දැන් කියැවෙන්නේ රී චක්රබෝර්තිගේ නමය. රී සහ ඔහු බොහෝ තැනැන්වලදී එකට දකින්නට ලැබුණත් ඇය හා සම්බන්ධයක් ඇති බැව් ඔහු පිළි ගත්තේ නැත.
එහෙත් මෑතකදී ඔහු නිවාඩුවක් ගත කරන්නට ලඩාක් වෙත ගොස් ඇත්තේ රී සම`ගම බැව් ඔප්පු වී ඇත්තේ අන්තර්ජාලයට නිකුත් කර ඇති ඡුායාරූප කිහිපයක් නිසාය. ඔවුන් ඒවා නිකුත් කර ඇත්තේ වෙනවෙනම වුවත් ගෙන ඇත්තේ එකම ස්ථානවල බැව් පැහැදිලිව පෙනෙන්නේය. සුශාන්ත් දරුවෙකු සුරතල් කරන ඡුායාරූපයක් සමාජ වෙබ් අඩවියක පළ වී ඇති අතර රී ද ඒ දරුවා සම`ගම ගන්නා ලද ඡුායාරූපයක් වෙනම පළ වී තිබේ.
‘‘හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙ..’’
වැනි තේරුම් ඇති අදහස් රසිකයන් දක්වා තිබේ.