සුශාන්ත්ගේ මරණට රිහා සැකද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200709-51

මීට දින කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත්වූ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුශාන්ත් රාජ්පූත්ගේ මරණයට ඔහුගේ පෙම්වතිය සැකසහිත බව බිහාර් පොලිසිය පවසයි. මේ දිනවල ඔහුගේ මරණය සම්බන්ධව පරික්ෂණ කටයුතු පවත්වමින් සිටින අතර, කිහිප වරක් සුශාන්ත්ගේ අවසන් පෙම්වතිය වූ සිනමා නිළි රිහා චක්‍රබෝර්ති බිහාර් පොලිසියට කැඳවා ප්‍රශ්න කර ඇත.

පසුගිය කාලයේ සුපිරි නළු සල්මාන් ඛාන්, චිත්‍රපට අධ්‍යක්ෂක කරන් ජෝහර් මෙන්ම සිනමා නිළි ආලියා භාට්ද සුශාන්ත්ගේ සිනමා කටයුතු සඳහා විවිධ අපවාද චෝදනා එල්ල කර තිබෙන බව වාර්තා වේ. පරික්ෂණ කටයුතුවලදී ඔවුන්ද වැරදිකරුවන් වනු ඇතැයි මේ වනවිට බොලිවුඩ් පුරයේ කසුකුසුවක් යමින් පවති.