සුශාන්ත්ගේ අන්තිම චිත්‍රපටය
පසුගියදා සිය දිවි හානි කරගත් බොලිවුඩ් සිනමා නළු සුශාන්ත් රාජ්පූත් සිං අවසන් වරට රංගනයෙන් දායක වී ඇත්තේ මුකේෂ් චබ්බරාගේ දිල් බේචාරා චිත්‍රපටයයි. එය මේ වසරේ මැයි 22 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණද ‘කොරෝනා’ වෛයිරසය ඉන්දියාව පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට අවලංගු කර දමා තිබුණි.
මෙහි සුශන්ත් සමගින් සායිෆ් අලී ඛාන්, නවක නිළි සංජනා සැන්ගි, ජාවේඩ් ජෆ්රි රංගනයෙන් දායක වී තිබුණි. මෙම චිත්‍රපටය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී රූපගත කර තිබුණි. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය තුළ සුශන්ත්ගේ රංගනය ඉතා ඉහළ මට්ටමක පවතින බවය.