සුශාන්ත් - සාරා යළිත් එකට
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී තිරගත වූ ‘කේදර්නාත්’ චිත්රපටයේ ප්රධාන චරිත නිරූපණය කළ සුශන්ත් රාජ්පුත් හා සාරා අලී ඛාන් යොදා තවත් චිත්රපටයක් නිර්මාණය කරන්නට චිත්රපට අධ්යක්ෂක මුකේෂ් චබ්බරා සූදානම් වෙයි. ‘දිල් බචාරේ’ ලෙස නම් කර ඇති මෙම චිත්රපටය මේ වසරේ නොවැම්බර් 29 වැනිදා තිරගත කිරීමටද සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. සාරා හා සුශාන්ත්ට අමතරව නවක නිළි සංජනා සැංගායිද මෙහි ප්රධාන චරිතයකට එක්වෙන බවට තොරතුරු ලැබේ.