සුශන්ත්ගේ මතකය බෙදාගත් ක්‍රිති..
මීට දින කිහිපයකට පෙර මිය ගිය බොලිවුඩ් සිනමා නළු සුශාන්ත් රාජ්පුත් චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් විජාන්ගේ ‘රබ්තා’ චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදී ගත් ඡායාරූපයක් ඔහුගේ කළින් පෙම්වතියක්ව සිටි ක්‍රිති ෂැනොන් විසින් ඇයගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා බෙදාගෙන තිබේ.
රූපගත කිරිම් කටයුතුවලට සහභාගි වෙමින් අධික වෙහෙසට පත්ව සිටින සුශන්ත් ලැබුණ කෙටි විවේකයකදී සිය තෙහෙට්ටුව නිවාගන්නට නිදාගනිමින් සිටින ඡායාරූපයක් ක්‍රිති විසින් සිය ජංගම දුරකතනය සටහන් කරගෙන ඇති අතර, ඇය විසින් මෙසේ සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා බෙදා ගෙන ඇත. තමන්ගත් මෝඩම ඡායාරූපය මෙය බව ඇය විසින් මෙම ඡායාරූපයට සටහනක් තබමින් සිය ශෝකය පළකර තිබුණි.