සුරූපී ගායිකා Ariana Grande විවාහ ගිවිස ගනී
සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියතම තාරකාවියක් තමයි Ariana Grande කියන්නේ.
ජනප්‍රිය ගීත නිසාම ලෝකයේ වැඩි රසිකයින්ගේ ග්‍රහණයට ලක්වූ ඇය ප්‍රසංග වේදිකාවේ මෙන්ම රසික හදවත් තුලද වැඩි අවධානයකට යොමු වූ තරුවක්.
එමෙන්ම ඇය මේ වන විට තම පෙම්වතා වන Dalton Gomez සමඟ විවාහ ගිවිස ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
සුරූපී ගායිකා Ariana Grande ගේ මව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නව යුවළට සුබ පතා තිබෙන අතර ගෝමස්ව පවුලේ අය වෙනුවෙන් පිළිගැනීමට ලැබීම සතුටට කරුණක් බවටයි ඇය වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.
එමෙන්ම ඇය විසින් විවාහ ගිවිස ගැනීම ප්‍රකාශයට පත් කරමින් ඡායාරූප කිහිපයක්ද නිකුත් කර තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
විදෙස් මාධ්‍ය ඇසුරෙනි.