සුරූපි හොලිවුඩ් නිලි ඇන්ජලිනා ජොලිගේ හඬ අයිති කරගත් බොලිවුඩ් නිලි අයිශ්වර්යා රායි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-886

Maleficent: Mistress of Evil කියන්නේ ඇන්ජලිනා ජොලි රංගනයෙන් දායක වූ නවතම සිනමාපටය යි. වෝල්ට් ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක් සහ යෝකිම් රොනින්ගේ අධ්‍යක්ෂණයක් වන මේ ෆැන්ටසි චිත්‍රපටය එළඹෙන 18 වැනිදා පටන් ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු සුදානම් කර තිබෙනවා.Maleficent චිත්‍රපට මාලාවේ දෙවැන්න ලෙසයි Maleficent: Mistress of Evil සැලකෙන්නේ. මෙම සිනමාපටයේ හින්දි අනුවාදය සඳහා ඇන්ජලිනා ජොලිට හඬ කවනු ලබන්නේ බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි.“ඩිස්නි පවුලේ සාමාජිකයෙක් වීමට ලැබීම සතුටක්” යැයි සඳහන් කරමින් සිනමාපටයේ හඬකැවීම් දැක්වෙන වීඩියෝපටයක් අයිශ්වර්යා රායි පසුගියදා සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යය ගිණුමෙහි පළ කර තිබුණා. එහි ඇය Maleficent ලෙසින් සිදුකල නිරූපණය ඉන්දීය සිනමා රසිකයින් කුල්මත් කිරීමට සමත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.ඒවගේම Maleficent: Mistress of Evil චිත්‍රපටය ඉංග්‍රීසි සහ හින්දි භාෂා දෙකින්ම ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කෙරෙන බව වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කරනවා.