සුරතලාව කතන්දර කියලා නිදි කරවන හොලිවුඩ් නිළිය
හොලිවුඩයේ බොහෝ නිළියන් සුරතල් සතෙකු ඇති කරනු ලබන්නේ මානසික සුවය වෙනුවෙන් බව බොහෝදෙනෙකු දන්නා කාරණාවක්. මේ කාරණාව කෙසේ වුවත් හොලිවුඩ් නිළියක් වන ජෙනිෆර් ගානර්ගේ සුරතලා ගැන නම් විදෙස් මාධ්‍ය විසින් බොහෝ පුවත් මවනු ලබනවා. ඇයගේ සුරතලා වන ‘බර්ඩි’ ව නිදි කරවීමට ඇය අපූරු ක්‍රමයක් භාවිතා කරනවා. ඒ මෙම සුරතලාට කතන්දර පැවසීමයි.
ඇය කතන්දර කීමේදී ‘බර්ඩි’ ඇගේ උකුලට පැමිණ නින්දට වැටෙනවාලු. මේ පිළිබඳව බොහෝදෙනාගේ අවධානය යොමු වූයේ ඇය විසින් තම ඉන්ටර්ග්‍රෑම් ගිණුමට එක් කරනු ලැබූ වීඩියෝවත් සමගයි. ඇය එය අන්තර්ජාලයට එක් කළේ ‘බුක්ස් විත් බර්ඩි’ ලෙසයි.
අද වනවිට මෙම වීඩියෝව සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් බොහෝ කතාබහට ලක්ව තිබෙනවා.