සුරතලා නිසා දුක් වෙන ජෙසිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොලිවුඩ් සුපිරි නිළි ජෙසිකා අල්බා පිළිබඳව සුබ පුවතක් හොලිවුඩයෙන් වාර්තා කරනු ලැබුවා. ඒ ඇය නැවතත් මව් පදවිය අපේක්ෂාවෙන් පසුව බවයි. නමුත් ඇය මේ දිනවල අසතුටෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එයට හේතුව සම්බන්ධව බොහෝදෙනෙකු ඇයගෙන් ප්‍රශ්න කර තිබුණා. ඒ පිළිබඳව ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබුණේ ඇයගේ සුරතලා වන ‘සිඩ්’ මියගොස් ඇති බවයි. ජෙසිකා බොහෝ කාලයක සිට මෙම බලු සුරතලා ආදරයෙන් හදාගත් බව බොහෝදෙනා දන්නා කාරණාවක්. ඇය තම පණිවුඩයේ සඳහන් කර තිබුණේ, ‘මට දැන් සුරතලෙක් නැහැ, මම වගේම ගෙදර හැමෝමත් දුක්බර කාලයක් ගත කරනවා’ ජෙසිකාගේ මේ දුක් වීම ඇයගේ ගර්භිණී තත්ත්වයට බලපාන බවයි බොහෝදෙනා සඳහන් කරන්නේ. 

20170904Jesica-1