සුපිරි නිළියගෙන් කම්කරු පවුලවලට පවාහන්..
යොවුන් බොලිවුඩ් නිළියන් අතරේ සුවිශේෂි නමක් දිනා සිටින භූමි පෙඩ්නිකර් මේ වනවිට උතුරු ඉන්දියාවේ බොහෝ නගර කේන්ද්‍ර කොටගනිමින් ‘කොවිඩ් 19’ වසංගතයෙන් අසරණ වූ පවුල් වෙනුවෙන් සමාජ සේවා කටයුතුවල නිරත වෙමින් සිටියි. ඇය මීට දින කිහිපයකට පෙර අඩු ආදායම්ලාභි කම්කරු පවුල්වල වෙසෙන පිරිමින්ට, කාන්තාවන්ට මෙන්ම දරුවන්ට නව පවාහන් දසදහසක් ප්රදානය කරන්නට කටයුතු කර ඇත. ගාසියාබාද්හි මුරාඩ් නගර්, ගෝවින්ද්පුරම් සහ විජේ නගර්වල වෙසෙන අඩුආදායම්ලාභි පවුල් මේ සඳහා භූමි විසින් තෝරාගන තිබුණී.