සුපිරි නළුවාගෙන් නිවාස 70ක් ඉන්දීය ජනතාවට..
සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් විසින් මහාරාෂ්ට් ප්රාන්තයේ කිදාපූර් ගම්මානයේ ජීවත්වන ඉන්දීය පවුල් 70කට නිවාස ඉදිරි කිරීමට මේ වනවිට පියවර ගෙන තිබෙන බව සඳහන් වෙයි. මිට ඉහත දිනයකදි ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසාවෙන් කැඩි ගිය කිදාපූර් ගම්මානයේ පැරණි නිවාස වෙනුවට සල්මාන් ඛාන් විසින් ඔවුන්ට අලුත් නිවාස 70ක් ලබාදිමට මේ වනවිට කටයුතු කර තිබේ.
සල්මාන් මේ වසරේ සිය රසික පිරිස් මුණ ගැසිමට සූදානම්ව සිටියේ ‘රාධේ’ චිත්රපටය තුළින් වුවද එය ‘කොරෝනා’ රෝගය නිසාවෙන් ප්රදර්ශනය කිරිමට නොහැකි වි තිබේ. සිය ‘පන්වේල්’ හි ගොවිපොළේ සිටින සල්මාන් ඉදිරියේදී ‘කික්’ දෙවැන්න හා ‘කබී ඊද් කබි දිවාලි’ චිත්රපටවල රූපගත කිරිම් සඳහා එක්වීමට සූදානමින් සිටියි.