සුපිරි නළු ප්‍රභූ දේවා යළි විවාහ වීමට සැරසෙයි?
කණ්ඩායම් නර්තන ශිල්පියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ප්‍රභූ දේවා මේවනවිට දක්ෂ නළුවෙකු හා අධ්යක්ෂවරයකු වෙනවා.
සමාජ මාධ්‍ය හරහා මේ දිනවල දැඩි කතාබහකට ලක්වන චරිතයක් බවට ප්‍රභූ දේවා පත්ව තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ.
ඉන්දියානු ජනප්‍රිය වෙබ් අඩවියක් වන TIMESOFINDIA.COM නම් වෙබ් අඩවියෙහි සදහන් වන පරිදි සුපිරි නළු ප්‍රභූ දේවා යළි විවාහ වීමට නියමිත බවට සදහන් කර තිබෙනවා.
තම ප්‍රථම බිරිද වූ Ramlathaගෙන් මීට වසර කිහිපයකට පෙර ඔහු නිත්‍යානුකුල වශයෙන් වෙන් වී තිබෙන අතර එම යුවළට දරුවන් තිදෙනෙක් සිටියා. කෙසේ වෙතත්, ඔවුන්ගේ වැඩිමහල් පුතණුවන් පිළිකාවක් හේතුවෙන් 2008 දී මිය ගොස් තිබෙනවා.
නමුත් ප්‍රභූ දේවා යළි විවාහ වීම සම්බන්ධයෙන් තවමත් කිසිදු පාර්ශවයකින් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවටයි වැඩිදුරටත් සදහන් කරන්නේ .
ඉන්දීයමාධ්ය ඇසුරෙනි.