සුපිරි නළු කේනු රිවිස් බර්ලින් යයි..



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200709-03

‘කොවිඩ් 19’ වසංගතය නිසාවෙන් අවලංගු කර දැමු ලනා වචොවිස්කිගේ ‘මැට්රික්ස්’ සිවුවැනි චිත්‍රපටයේ රූපගත කිරිම් නැවතත් ආරම්භ වී තිබේ. ඒ නිසාවෙන් එම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන සුපිරි හෙලිවුඩ් නළු කේනු රිවිස් ඇතුළු නළුනිළියන් කිහිප දෙනෙකු මේ වනවිට ජර්මනියේ බර්ලින් නගරයට ගොස් තිබෙන බව සඳහන් වේ.

වාර්තා වන අන්දමට කේනු සමගින් කැරි මොස්, නිල් ප්‍රැටික්, ජොනතන් ග්‍රෝෆ් ඇතුළු නළුනිළි පිරිසක් බර්ලින් නගරයට ගොස් ඇති අතර, ඔවුන් ජුලි අවසන් සතිය තෙක් එහි රැඳීසිටිමට නියමිතව ඇත. ප්‍රියංකා චොප්රා සිටින දර්ශන කිහිපයක්ද මෙහි රූපගත කරන්නට නියමිතව තිබුණ නමුදු ඇය මේ වනවිට ‘කොවිඩ් 19’ වසංගතය නිසාවෙන් ඉන්දියාව තුළ සිරවි සිටින බවට තොරතුරු ලැබේ.