සුපිරි චිත්රපට දෙකක් එකට ගැටේ
මේ වසරේ දෙසැම්බර් මස අවසන් සතියේදී බොලිවුඩයේ සුපිරි චිත්රපට දෙකක් ප්රදර්ශනය වේ. ඉන් එකක් වන්නේ සල්මාන් ඛාන් හා සොනක්ෂි සින්හා රඟන ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්රපටයයි. අනෙක් චිත්රපටය වන්නේ ආක්ෂේ කුමාර්, කරීනා කපූර් හා කියාරා අද්වානි රංගනයෙන් දායක වෙන ‘ගුඩ් නිවුස්’ චිත්රපටයයි.
සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්රපට දෙකම ඉහළ ආදායමක් උපයාගනු ඇති බවය. මේ වසරේ ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වූ ‘කේසාරි’, ‘මිශන් මංගල්’, ‘හවුස්ෆුල්’ චිත්රපට සියල්ලම ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් වූ සල්මාන් ඛාන් රඟපෑ ‘භාරත්’ චිත්රපටයද ඉහළ ආදායමක් උපයාගන්නට සමත් විය.