සුප්රසිද්ධ මෝස්තර නිරූපිකාවන් මෙන්න
වෙළෙඳ දැන්වීම් නිර්මාණ ඔස්සේ ප්රසිද්ධ වූ පුද්ගලයන් බොහෝ දෙනෙකු සිටින බව කවුරුත් දන්නා කාරණාවකි. නමුත් ඔවුන් අතරින් බොහෝ පිරිසක් නිරූපණය කරන්නට මැළි වන සහ ප්රතික්ෂේප කරනු ලබන වෙළෙඳ දැන්වීම් වර්ගයක් තිබේ. ඒ කාන්තා යට ඇඳුම් වෙළෙඳ දැන්වීම්ය. පසුගියදා මෙවැනි දැන්වීම් සඳහා පෙනී සිටින නිරූපිකාවන් 10 දෙනෙක් පිළිබඳ තොරතුරු අනාවරණය කෙරිණි.www.wonderlist.comවෙබ් අඩවියෙන් සිදු කෙරුණු මෙම අනාවරණයට අනුව මේ සෑම නිරූපිකාවක්ම ලෝකයේ සුප්රසිද්ධ වෙබ් අඩවියක් වන Models.comනම් වෙබ් අඩවිය තුළ ලියාපදිංචි නිරූපිකාවෝ වෙති. ඔවුන් යම් කිසි වෙළෙඳ දැන්වීම් නිර්මාණයක් සඳහා යොදාගන්නේ නම් මෙම වෙබ් අඩවිය ඔස්සේ ඒ පිළිබඳ දැනගැනීමට හැකියාව තිබේ.
www.wonderlist.com අඩවිය සඳහන් කරන ආකාරයට මේ අතර ඉහළින්ම වැජඹෙන නිරූපිකාවක ලෙස ඉරිනා ශායක් හැඳින්විය හැකිය.ඇය රුසියානු නිරූපිකාවකි. ඇය බොහෝ ලෙස උපයෝගී කරගනු ලබන්නේ සුප්රසිද්ධ සන්නාම ඇති යටඇඳුම් සඳහාය. ඉරිනා Models.comවෙබ් අඩවියේ 08 වැනි ස්ථානයේ පසුවන බව සඳහන් වෙයි.
ඉන්පසු එම ලැයිස්තුවේ සිටින්නේ ඇලෙක්සැන්ඩ්රා ඇම්බ්රොසියෝ ය. ඇය බ්රසීල ජාතික නිරූපිකාවක වන අතර,වික්ටෝරියා සීක්රට් නිරූපිකාවක ලෙස සුප්රසිද්ධ වී ඇත. ඇය දායක වන්නේ ඉතා ඉහළ මිල ගණන්වල යට ඇඳුම් වෙළෙඳ දැන්වීම් සඳහා පමණි. ඇය අදවනවිට ලෝකයේ වෙළෙඳ නාමයන් වන’ලයිස් චාර්මල්’, ‘ලා පෙරලා’, ’වැකෝලා’ වැනි නාමයන් වල නිරූපණයේ යෙදෙන නිරූපිකාවකි.
ඇමෙරිකානු වෙළෙඳ දැන්වීම්වල විශාල ලෙස පෙනී සිටින සුප්රසිද්ධ නිරූපිකාවන් අතරේ පෙරමුණේ සිටින කෙනෙකු ලෙස මෙම වෙබ් අඩවිය හඳුන්වන්නේ ඇලිස්සා මිලර් නම් නිරූපිකාවයි. ඇය ඇමෙරිකානු ජාතික නිරූපිකාවකි. ඇය පෙනී සිටින්නේ ජර්මනියේ නිෂ්පාදනය කරන ‘වොග්’ සහ ඉතාලි වෙළෙඳ නාමයක් වන ‘එලේ’ නිෂ්පාදන සඳහා පමණි.
වෙළෙඳ නාම යටතේ සුප්රසිද්ධ තවත්ළාබාල නිරූපිකාවක ලෙස කේට් බොක් හඳුන්වයි. ලොව සුප්රසිද්ධ වෙළෙඳ නාමයක් වන D&G(Dolce & Gabbana) නම් වෙළෙඳ නාමයේ නිරූපිකාවකවන ලින්ඩ්සෙ එමිලින්ග්සන්දයට ඇඳුම් මෝස්තර නිරූපිකාවන් අතර ප්රමුඛයෙකි.
ඊට අමතරව www.wonderslist.comවෙබ් අඩවිය සඳහන් කරන තවත් නිරූපිකාවන් කිහිප දෙනෙකි. ඒඅතර සාරා සැම්ප්පයෝ, රොමී ස්ට්රිජ්ඩ්, ජෝසපින් ස්ක්රිවර්, එඩිටා විල්කිවක්යුට් සහ ඉසෙබෙලා ගොලාර්ට් ආදීහු වෙති. මෙම මෝස්තර නිරූපිකාවන් ලොව සුප්රසිද්ධ වෙළෙඳ නාමයන් යටතේ නිර්මාණය වන වෙළෙඳ දැන්වීම් සඳහා පමණක් දායක වන අයවලුන් වෙති.