'සුපර්හිට්' වු 'ටොයිලට් ඒක් ප්‍රේම් කතා'
දින හතක කාලයකදී සිය ආදායම් උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 100ක් දක්වා ඉහළ දමා ගැනීමට ආක්ෂේ කුමාර් රඟන ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය සමත්ව තිබේ. මෙය ආක්ෂේ මේ වසරේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් රංගනයෙන් දායක වූ දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය වන අතර, පළමු චිත්‍රපටය වූ ‘ Jolly LLB 2‘චිත්‍රපටය මෙන්ම මෙම චිත්‍රපටයද කෝටි 100ක ආදායමක් උපයා ගැනීම විශේෂත්වයකි.
‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය සාර්ථක වීමත් සමග ෂාරුක් හා අනුෂ්කා රඟන ‘ජබ් හැරී මේට් සේජල්’ චිත්‍රපටය අසාර්ථක වී ඇත. ‘ජබ් හැරී මේට් සේජල්’ චිත්‍රපටයද තවමත් තිරගත වෙමින් පවතින අතර, එම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් දැනට උපයාගෙන ඇති මුදල වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 67කි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 90කටත් වඩා වැඩි මුදලකි.