‘සුපර් මෑන්’ නළුවා ‘ජෙම්ස් බොන්ඩ්’ වෙයිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි නළු ඩැනියෙල් කේග්‍ර් රංගනයෙන් දායක වන අවසන් ‘ජෙම්ස් බොන්ඩ්’ චිත්‍රපටය වන ‘නෝ ටයිම් ටූ ඩේ’ එළැඹෙන නොවැම්බර් 22 වැනිදා ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබේ. ඉදිරි ‘ජේම්ස් බොන්ඩ්’ චිත්‍රපට සඳහා මේ වනවිට එම චිත්‍රපට කණ්ඩායම අලුත් නළුවෙකු සොයමින් සිටින අතර, ඒ සඳහා ජනප්‍රිය කොමික් චරිතයක් වූ ‘සුපර් මෑන්’ චිත්‍රපට චරිතය සඳහා වර්තමානයේ එකතු වී සිටින හෙන්රි කැවිල්ගේ නම යෝජනා වී තිබෙන බව සඳහන් වෙයි.

හෙන්රි කැවිල් මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ තමා තුළ ‘ජේම්ස් බොන්ඩ්’ චරිතයක් රඟපාන්නට කැමැත්ත අද ඊයේ තිබු ආසාවක් නොවන බවය. එමෙන්ම තමාට එම චිත්‍රපටයට සම්බන්ධ වීමට ආරාධනාවක් කළහොත් එය වරක් දෙවරක් නොසිතා භාරගන්න බවද ඔහු වැඩි දුරටත් පවසා තිබුණි.  

20201011Henry-1 20201011Henry-2