‘සුපර් 30’ වියදම් මුදල සොයා ගනියි
පසුගිය ජුලී 21 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ විකාෂ් බාල්ගේ ‘සුපර් 30’ චිත්‍රපටය මේ වනවිට සාර්ථකව ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ. පසුගිය සති අන්තය වනවිට ‘සුපර් 30’ චිත්‍රපටය සඳහා වැය කළ ඉන්දී්‍ය රුපියල් කෝටි 115ක මුදල සොයා ගැනීමට සමත් විය.
ධනාත්මක චිත්‍රපටයක් බවට පත්ව තිබෙන මෙම චිත්‍රපටය ඉදිරියේදී ආදායම් ලබන චිත්‍රපටයක් බවට පත්වෙනු ඇතැයි සිනමා විචාරකයන් පවසයි. 2017 වසරේ ජනවාරි 27 වැනිදා තිරගත වූ ‘කාබිල්’ චිත්‍රපටයෙන් පසුව රිතික් සිය සිනමා ප්‍රේක්ෂකයන් හමුවන පළමු චිත්‍රපටයද ‘සුපර් 30’ වීම විශේෂත්වයකි.