සුනිල් ෂෙට්ටිගේ කැමැත්තත් ලැබිලා
අතිශය ජනප්‍රිය වු ‘හේරා පෙරි’ චිත්‍රපට මාලාවේ තුන්වැන්න මේ වනවිට නිර්මාණය කරන්නට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. කාලයක් තිස්සේ මෙහි තුන්වැන්න නිර්මාණය කරන බවට ඉඟි පළවුවද චිත්‍රපටය තවමත් නිර්මාණය කරනවාද නැද්ද යන්න බොහෝ දෙනෙකුට පැණයක් නැගි ඇත. කෙසේ වෙතත්, පසුගියදා චිත්‍රපට අධ්යක්ෂණ ප්‍රියදර්ශන් ‘හේරා පෙරි’ තුන්වැන්න නුදුරේම රූපගත කරන බවට මාධ්‍යයට තොරතුරු ලබා දී ඇත. පසුගිය සති අන්තයේදී ‘හේරා පේරි’ මුල් චිත්‍රපට ද්විත්වයේ ‘ශ්‍යාම්’ ලෙස රංගනයෙන් එක් වූ සුනිල් ෂෙට්ටිද මේ වනවිට මෙම චිත්‍රපටයට එක්වීමට කැමැත්ත පළකොට තිබේ. පසුගිය මාස හයක කාලය තුළදී සුනිල් ෂෙට්ටි වැඩි දායකත්වයක් දමිල හා තෙළිඟු චිත්‍රපට සඳහා ලබා දී තිබුණි.