සුනිධි චව්හාන් ගේ රිදී සීනු හඬ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඕනෑම නිළියකගේ කටහ`ඬට, ඕනෑම චිත‍්‍රපටි ජවනිකාවකට, ගැලපෙන ආකාරයේ කටහ`ඬක් නැති ගායිකාවකට චිත‍්‍රපටි පසුබිම් ගායිකාවක ලෙස බොලිවුඞ් පුරවරයේ රැු`දී සිටීම දුෂ්කරය. ලතා මංගේෂ්කාර් දශක ගණනාවක් රැදී සිටියේ ඇය මේ සුදුසුකම් සපුරා තිබු බැවිනි. ලතාගෙන් හිස් වූ තැන සුනිධි විසින් පුරවනු ඇතැයි ගීත ලෝලීහු බලාපොරොත්තු වෙති.

2017-08-21-ent-57සුනිධී උපත ලද්දේ 1983 අගෝස්තු මස 14 දා දිල්ලියේදීය. සුනිධිගේ පියා වේදිකා නළුවෙකි. එම නිසාම කුඩා කාලයේම ඇය තුළත් කලාව පිළීබද ඇල්මක් ඇති වුයේය. සංගීතයට ඇලූම් කළ ඇගේ මව ඇය ද එ සදහා උනන්දු කරවූවාය. එම නිසාම සුනිධි ගායනා තර`ගවලට ඉදිරිපත් වුයේ අවුරුදු හතරේ පටන්මය. මිනිසුන් රැස් වෙන තැන්වලත් ඇය ගී ගැයුවාය.

‘‘මම උසස් අධ්‍යාපනයට අවධානයක් යොමු කෙරුවෙ නෑ.. මට ඕන වෙලා තිබුණෙ ගායිකාවක් වෙන්න.. ඒ අරමුණ ඉෂ්ට වුණ හින්දා මම ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නෑ..’’ සුනිධි කියන්නීය.

ඇගේ දක්ෂතාව දුටු තාබසුම් නමැති නිළිය ඇගේ සජීවි ප‍්‍රසංගයක ගායිකාව ලෙස සුනිධී යොදා ගත්තාය. ඇගේ දක්ෂකම් ඔප් නංවා ගැනීමට මුම්බායිවලට කැටුව එන ලෙස සුනිධිගේ තාත්තාට උපදෙස් දෙන ලද්දේ තාබසුම් විසිනි. අවසානයේදී තාත්තා ඔහුගේ රැුකියාව හැර දමා පවුලේ අයත් සම`ග මුම්බායිවල පදිංචියට ගියේය. එකල සුනිධිගේ වයස අවුරුදු එකොළහකි. නගරයේ වියදම අධික බැවින් බොහෝ ආර්ථික අපහසුකම්වලට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වුයේය. ඔවුන් ජීවත් වුයේ සංගීත කණ්ඩායමක ගායිකාවක ලෙස සුනිධි උපයන ලද මුදලිනි. ඇගේ තාත්තා හැමදාම බලාපොරොත්තු වූයේ චිත‍්‍රපටි පසුබිම් ගායිකාවක ලෙස ඇය ඉදිරියට යනවා දකින්නටය.

ඇය රියැලිටි ගායනා තර`ගයකින් ජයග‍්‍රහණය කළේ අවුරුදු දහතුනේදීය. ඒ වසරේම ඇය චිත‍්‍රපටි පසුබිම් ගායිකාවක ලෙස දොරට වැඩියාය. ඇය සිය ප‍්‍රථම ගීතය ගායනා කළේ ශාස්ත‍්‍ර චිත‍්‍රපටියටය. ඉන් පසුව ඇයට දිගින් දිගටම ආරාධනා ලැබිණි.

මාස්ට්, ෆිසා, අන්ජාබී, චමේලි, ධූම්, ඕම්කාරා, ආජා නාච්ලේ, රබ්නේ බනා ඩි ජෝඩි, ඉයුපෝරියා, ගුෂාරිස්, ටීස් මාර් ඛාන්, දිල් දක්නා දේ ඇතුළු චිත‍්‍රපටි ගණනාවක් ඇය ගීත ගායනා කර තිබේ. කටහඬේ විවිධත්වය පිළිබ`දව ඇය ප‍්‍රවීන ගායකගායිකාවන්ගෙන් ප‍්‍රශංසා ලබා ඇති අතර විවිධ සම්මාන ද දිනාගෙන තිබේ.

සුනිධි චව්හාන් විවාහ වූයේ ඇයට යාන්තම් අවුරුදු 18 පිරෙද්දී නර්තන අධ්‍යක්ෂවරයෙකු වු බොබී ඛාන් සම`ගය. සංගීත වීඩියෝවක් නිර්මාණය කරද්දී ඔවුන් අතර සම්බන්ධයක් ඇති වී තිබිණි. එය සමීප මිතුරන් පමණක් සහභාගි වූ, දැඩි ආරක්ෂාව මධ්‍යයේ පවත්වන ලද මංගල උත්සවයක් වූයේය. ඉන් සුනිධී හා දෙමව්පියන් අතර විරසකයක් ඇති වුයේය. ඔවුන් කීවේම එය සමාජ චාරිත‍්‍රවලට පටහැනිව කරන ලද විවාහයක් බවය. එහෙත් සුනිධි මුලින් සිටියේ බොහෝ සතුටිනි.

‘‘බොනීගේ පවුලේ අය හරිම හො`දයි.. එයාලා මට සළකන්නෙ තමන්ගෙම පවුලේ කෙනෙකුට වගේ.. බොබීත් මට හරි ආදරෙයි..’’ ඇය මාධ්‍ය හමුවකදී එසේ පැවසුවාය.

එහෙත් ඒ විවාහය තිබුණේ අවුරුද්දක් පමණකි. බොබීගෙන් වෙන් වු ඇය දෙමව්පියන් සමග සමාදාන වුවාය.

‘‘අපි දෙන්නා දෙම`ගක යන දෙන්නෙක්..’’ ඇය වෙන් වීමට හේතු ලෙස කියා තිබුණේ එලෙසය.

2012 දී ඇය සංගීතඥයෙකු වන හිතේෂ් සොනික් සම`ග නැවත විවාහ වූවාය. සොනික් කුඩා කල සිටම ඇගේ මිතුරෙකි.

ධූම් මචාලේ ධූම්, ශීලා කි ජවානි, බීදි ජලාලේ වැනි ගීත කිසිම දිනෙක රසිකයන්ගේ සිත්වලින් මැකී යන්නේ නැත. අව්ුරුදු 15ක් තිස්සේ එකම ජනපි‍්‍රයත්වයකින් ක්ෂ්ත‍්‍රයේ රැදී සිටින ඇය අගෝස්තු 14 දා සැමරුවේ 34 වැනි උපන් දිනයයි.