සුන්දරියේ, ඔබට සුබ උපන්දිනයක් වේවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියංකා චොප්රා කියලා කියන්නේ ඉන්දිය සිනමාවත්, හොලිවුඩ් සිනමාවත් ආක්‍රමණය කළ කෙනෙක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්.
 
ඉතිං මේ නිළිය පසු දිනයේදී සිය 38 වන උපන්දිනය සමරනු ලැබුවා.

ප්‍රියංකාගේ සැමියා වන Nick Jonas  විසින් ඇයට අපූරු සුබ පැතුමක් එක් කිරීමටයි කටයුතු කර තිබුණේ.
 
"මට ඔබේ දෙනෙත් තුළ දිගු කාලයක් ජීවත් විය හැකියි, මම ඔබට ආදරෙයි. යනුවෙන් ද සටහන් කළා.
 
එමෙන්ම මා ගැන නිතරම සොයා බලන ඔබ මෙන් කෙනෙකු මේ තරම් කාලයක් හමුවී නොමැති බව ද ඔහු කියා සිටියා.
 
ඔබ වැනි කෙනෙකු හමුවීම ගැන මාගේ කෘතවේදීත්වය පළ කරමි, සුන්දරියේ ඔබට සුබ උපන්දිනයක් වේවා.. යනුවෙනුයි එම සටහනේ වැඩිදුරටත් දක්වා තිබුණේ.
 
ප්‍රියංකා චොප්රා සහ Nick Jonas 2018 වසරේදී විවාහ වුණා.

20200720Priyanka-1 20200720Priyanka-2