සුන්දර ශිල්පා......
බොලිවුඞ් ක්ෂ්ත‍්‍රයේ සුන්දරම මව්වරුන් අතර පෙරමුණේ සිටින්නී ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රාය. නිළියකව සිට ව්‍යවසායිකාවක බවට පත් වී සාර්ථකත්වයේ ඉහළ හිනි පෙත්තටම නැගි නිළියන් අතර පෙරමුණේ සිටින්නේත් ශිල්පාය. දැන් ඇයට චිත‍්‍රපටිවල රඟ පාන්නට කාලවේලාවක් නැත්තේ ව්‍යාපාර කටයුතුවලටම කැප වී සිටීම නිසාය. එහෙත් ඇය තිරයේදී මෙන්ම තිරයෙන් පිටතත් එක ලෙස සුන්දරය. බොහෝ අවිවේකී ඇය සුන්දර බව එලෙස පවත්වාගෙන යන ආකාරය බොහෝ දෙනෙකුට ගැටළුවකි.
‘‘ඇත්තටම මොන තරම් කාර්යබහුල වුණත් මම මගේ සිරුර ගැන, සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වෙනවා.. ඒක චිත‍්‍රපටි ක්ෂේත‍්‍රයේ ඉන්න අපි කරන්නම ඕන දෙයක්.. අපි හැම දෙනාටම හැමදාම මොනවා හරි වැඩ කන්දරාවක් තියෙනවා.. ඒත් අපි ඒ වැඩ ගැන විතරක් හිතලා අපි ගැන හිතන්න කාලෙ නැති කර ගත්තොත් සිද්ද වෙන හානිය අප‍්‍රමාණයි.. අනිත් එක අපේ රසිකයන් හැම වෙලාවෙම අපිව සුන්දරව දකින්න තමයි කැමති.. ඒ හින්දා මම ව්‍යායාම කරන්න, රූපලාවන්‍ය උපදෙස් පිළිපදින්න කොහොම හරි කාලෙ හොයා ගන්නවා..’’ ශිල්පා කියන්නීය. මේ මෑතකදී ඇය සෞඛ්‍ය සම්පන්න ඉවුම්පිහුම් ගැන වැඩ සටහනක් ද යූ ටියුබ් හරහා දියත් කළාය.