සුන්දර ආදරවන්තයෝ
ලෝකයේ බොහෝ රටවල ආදරවන්තයෝ පෙබරවාරි 14 වෙනිදා ආදරවන්තයන්ගේ දිනය සැමරූහ. බොලිවුඩයේ සුන්දරම ආදරවන්තයන් යුවළ කිහිපයක් ගැන එදින මාධ්‍යවල කතාබහ කෙරිණි. මෙහි මුලටම සිටියේ පසු ගියදා විවාහ වූ විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මාය. විවාහ වුවත් ඔවුන් සිය ආදර කතාවේ සුන්දරත්වය එලෙසින්ම රැුක ගනු ඇතැයි රසිකයෝ විශ්වාසය පළ කරති.
බොලිවුඩයේ කතාබහට ලක්ව සිටින අලූත්ම ආදරවන්තයන් යුවළ රිචා චද්දා සහ අලි පසාල් ය. ඕයේ ලකී ලකී ඕයේ කොමඩි චිත්‍රපටියේ සහායක නිළිය ලෙසින් ර`ග පාමින් බොලිවුඩයට පා තැබූ චද්දා ඉනික්බිතිව චිත්‍රපටි කිහිපයකම රග පෑවාය. මසාන් චිත්‍රපටියේ ඇය ර`ග පෑ නිදන කාමර දර්ශනය විවාදයට තුඩු දුන්නේය. නිරූපණ වෘත්තියේ නිරත වන, බාස්කට් බෝල්, හොකී වැනි කි්රඩාවල ද නිරත වන අලි පසාල් බොලිවුඩයට ආවේ ද අදර් සයිඞ් ඔෆ් ද ලයින් නම් ඉංගි්රසි චිත්‍රපටියේ ර`ග පාමිනි. ඉනික්බිති ඔහු හොලිවුඞ් චිත්‍රපටිවල ද ර`ග පෑවේය. ඔහු සිය සම්බන්ධතා ගැන ප්‍රසිද්ධියේ කතා කරන අයෙකු නොවේ. එහෙත් රිචා චද්දා සම`ග ඇති සම්බන්ධය පිළි ගත්තේය. ඔවුන් එකිනෙකාට ගැලපෙන ආදරවන්තයන් යුවළක් බැව් සියල්ලෝම පවසති.
ෂාහිඞ් කපූර් සහ මීරා රාජ්පුත් දැන් එක් දරු මව්පියන් වී සිටින නමුත් ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි දක්වන ආදරය සහ කැප වීම එලෙසින්ම පවතින බැව් තතු දන්නෝ පවසති. එම නිසාම ඔවුන් ද සුන්දර ආදරවන්තයන්ගේ ගොන්නට වැටි තිබිණි.
සමාජ වෙබ් අඩවිවල වැඩිපුරම කතාබහට ලක් වෙන, සේයා රූ පළ වෙන යුවලක් ඇත්නම් ඒ සෝනම් කපූර් සහ ආනන්ද් අහුජාය. ඔවුන් තවමත් සිය සම්බන්ධය නිල වශයෙන් පිළි ගෙන නැත. එහෙත් එකිනෙකාට දක්වන ආදරය ගැන බොහෝ දේවල් සේයා රූවලින් හා පණිවිඩවලින් හෙළිදරව් වන්නේය. ඔවුන් මේ වසරේ විවාහ වන්නට සූදානමින් සිටින බව ද නිල නොලත් ආරංචි මාර්ග කියයි.
බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර් විවාහ වූයේ 2016දීය. එහෙත් ඔවුන් තවමත් සිටින්නේ ආදරවන්තයන් සහ හො`දම මිතුරන් ලෙසිනි. එම නිසාම ඔවුන් ද සුන්දර ආදරවන්තයන් ලෙස මාධ්‍ය විසින් නම් කරනු ලැබ තිබේ.