'සීරෝ' ප්‍රචාරක පටය මිලියන 24ක් බලලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-21-ent-138

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් මේ වසරේ පෙනී සිටින පළමු බොලිවුඩ් චිත්‍රපටය වන ‘සීරෝ’හි ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කරනු ලැබීය. ඒ සුපිරි නළු සල්මාන් ඛාන්ගේ ‘රේස්’ තුන්වැනි චිත්‍රපටය ප්‍රදර්ශනය කළ දිනයේදීය. දිනකදී එය නරඹා තිබු පිරිස මිලියන 24ක් බව සඳහන් වේ. නිකුත් කළ ‘සීරෝ’ ප්‍රචාරක පටයේ ෂාරුක් ඛාන්ටද වඩා ප්‍රධාන තැනක් දී තිබුණේ එහි ආරාධිත චරිතයක් නිරූපණය කරන සල්මාන් ඛාන්ටය. පසුගිය වසරේ තිරගත වූ සල්මාන්ගේ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටයෙන් පසුව ෂාරුක් ඛාන් හා සල්මාන් පෙනී සිටින පළමු බොලිවුඩ් චිත්‍රපටයද මෙය වේ. විශේෂත්වය වන්නේ ෂාරුක් ඛාන් ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටයේ ආරාධිත රංගනයකින් දායක වූ අතර, එයට කළගුණ සැළකිමට සල්මාන් ඛාන් ‘සීරෝ’ චිත්‍රපටයේ ආරාධිත රංගනයකින් එක්ව සිටීමය. ‘සීරෝ’ චිත්‍රපටය දෙසැම්බර් 21 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.