‘සීරෝ’ කෝටි 100ක් ඉන්දියාවෙන් උපයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-91

මේ වනවිට අසාර්ථක බොලිවුඩ් චිත්‍රපටයක් බවට පත්ව තිබෙන ෂාරුක් ඛාන්ගේ ‘සීරෝ’ චිත්‍රපටය ඉන්දියාවෙන් පමණක් ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. කෙසේ වෙතත්, ඉන්දීය රුපියල් කෝටි 200ක් වැය කරමින් තැනුණ මෙම චිත්‍රපටය මේ වනවිටත් උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 170කි.

2016 වසරේ තිරගත වූ ‘ෆැන්’ චිත්‍රපටයට පසුව ෂාරුක්ගේ අසාර්ථක වූ පළමු චිත්‍රපටය ‘සීරෝ’ වීඹ විශේෂත්වයකි. කෙසේ වෙතත්, ‘සීරෝ’ චිත්‍රපටය නිෂ්පාදනය කළ ෂාරුක්ගේ ‘රෙඩ්චිලි’ ආයතනය පවසන්නේ මේ වනවිටත් මෙම චිත්‍රපටය විදෙස් රටවලට අලෙවි කර මෙම චිත්‍රපටයට වියදම් වු මුදල සොයා නෙ ඇති බවය.