සිවුවසරකට පසුව එන 'රාණි'
අතිශය ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට බොහෝමයක රංගනයෙන් දායක වූ රාණි මුඛර්ජි සිවුවසරකට පසුව නැවතත් බොලිවුඩ් සිනමාවට පැමිණීමට සූදානමින් සිටියි. ඒ සිදාන්ත් මල්හෝත්‍රා අධ්‍යක්ෂණය කළ ‘Hichki’ චිත්‍රපටය හරහාය.
රාණි අවසන් වරට සිය බොලිවුඩ් සිනමා ප්‍රේක්ෂකයන් මුණ ගැසුණේ මීට සිවුවසරකට පෙර වන අතර, ඒ රාණිගේ සැමියා වූ ආදිත්‍ය චොප්රා නිෂ්පාදනය කළ ‘මරදාණි’ චිත්‍රපටය තුළිනි. එය ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ අතර, රාණි ඉන් පසුව සිය පෞද්ගලික ජීවිතය වෙනුවෙන් වැඩි කාලයක් වෙන්කිරීමට බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඉවත් විය.
දැනට එක් දරු මවක ද වන රාණි මේ වනවිට සිය සැමියාට අයත් යශ්රාජ් චිත්‍රපට සමාගමේ කොටස්කාරියක ලෙසද කටයුතු කරන්නීය. මීට සති කිහිපයකට පෙර ඇයගේ පියා අභාවයද සිදු විය.