සිවු වසරකට පසුව නැවතත් සංජේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-25-ent-44

බෝම්බ ප්‍රහාරයකට මූලිකත්වය දීම හේතුවෙන් සිවු වසරක් සිරගතව සිටි ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සංජය දත් පෙනී සිටින අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයක් එළැඹෙන සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිතව ඇත. ඒ ඕමන්ගු කුමාර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘බූමි’ චිත්‍රපටය තුළිනි. මෙහි සංජය දත් සමගින් අදිති රාඕ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. සංජය දත් අවසන් වරට සිය බොලිවුඩ් සිනමා ප්‍රේක්ෂකයන් මුණගැසුණේ 2014 වසරේ තිරගත වූ රාජ්කුමාර් හිරුණිගේ ‘පිකේ’ චිත්‍රපටය තුළිනුයි. එය 2013 වසරේදී රූපගත කරනු ලැබුවක්ද විය.