සිව් මිතුරියන්ගේ කතාව වීරේ ඩි වෙඩින්
කරීනා කපූර්, සෝනාම් කපූර්, ස්වාරා භාස්කර්, ශිඛා ටැල්සානියා රග පාන වීරේ ඩි වෙඩින් තිරගත වන්නේ ජූනි 1 දා සිටය. මෙය කොමඩි චිත්‍රපටි ගණයට වැටෙන්නකි. කුඩා කල හොදම මිතුරියන් වූ කලින්දි (කරීනා කපූර්), අව්නි (සෝනම් කපූර්), මීරා (ශිඛා ටැල්සානියා), සාක්ෂි (ස්වාරා භාස්කර්) පසුව එකිනකොගෙන් වෙන් වෙති. ඔවුන් නැවත හමු වන්නේ අවුරුදු දහයකට පසුවය. ඒ වන විට තමන් බලාපොරොත්තු වෙනවාට වඩා ජිවිතය මොන තරම් වෙනස් වී ඇද්දැයි වටහා ගන්නට ඔවුන්ට පුළුවන්කමක් නැත. ඔවුහු බොහෝ සැහැල්ලූවෙන් හැසිරෙති. මෙය ස්ති්රවාදය හුවා දක්වන චිත්රපටියක්යයි විචාරකයෝ පමණක් නොව රසිකයෝත් කියති. නිළියන් සිව් දෙනා එය ප්‍රතික්ෂේප කරන්නේ නැත. ‘‘ඔව් ඒක ඇත්ත.. මේ චිත්රපටියෙදි අපි අසභ්‍ය විදියට කතා කරනවා.. බොනවා.. දුම් පානය කරනවා.. ඒ විතරක් නෙමෙයි විවාහයට ඉස්සර ලිංගිකවත් හැසිරෙනවා.. පිරිමින්ටත් මේ හැම දේම කරන්න හොදනම් ගෑනු කළාම මොකද වෙන්නෙ කියලා පෙන්නන්නයි අපිට ඕන වුණේ.. ඒක වැරදි ද..?’’
එඩිතර ලෙස එසේ ප්‍රශ්න කරන්නේ ශිකා ටැල්සානියාය.
‘‘ප්‍රධාන පෙළේ නිළියො හතර දෙනෙක් එකට රග පාන පළ වෙනි අවස්ථාව මේක.. ඉතින් ඒකම කාන්තාවන් බල ගැන්වීමක් නෙමෙයි ද..?’’
එසේ විමසන්නේ මෑතදී විවාපත් සෝනම් කපූර්ය.
‘‘අපි කතාබහ කරන්නෙ අසභ්‍ය විදියට කියලා කවුරු හරි කියනවා නම් මම එක් පිළි ගන්නෙ නෑ.. යාළුවෝ හතර දෙනෙක්එකට එකතු වුණාම කතා කරන්නෙ ඔය විදියට කියලා ඕන කෙනෙක් දන්නවනෙ..’’ ස්වාරා භාස්කර් පවසයි.
චිත්‍රපටියට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දැන ගැනීමට කරීනා කපූර් සිටින්නේ බලවත් නොඉවසිල්ලෙනි.
‘‘මම ඕන තරම් නළුවෝ එක්ක රග පාලා තියෙනවා.. ඒත් නිළියො තුන් දෙනෙක් එක්ක රග පාන්නෙ පළවෙනි වතාවට.. මේක වෙනස්ම චිත්‍රපටියක් කියලා මට දැනෙන්නෙ ඒකයි.. රසිකයන්ගෙ ප්‍රතිචාර ගැන දැන ගන්න මම හරිම ආසයි..’’
ඇය කියන්නීය.