‘සිරෝ’ ප්‍රචාරකපටය දිනකින් මිලියන 54ක් බලයි
පසුගිය සති අන්තයේදී නිකුත් කරනු ලැබු ‘සීරෝ’ දෙවැනි ප්‍රචාරක පටය දිනකින් ‘යු ටියුබ්’ ජාලය හරහා මිලියන 54ක පිරිසක් නරඹා තිබෙන බව සඳහන් වේ. මෙය ‘යු ටියුබ්’ ජාලයේ නව වාර්තා වන අතර, මීට පෙර එක් දිනකින් බොලිවුඩ් චිත්‍රපට ප්‍රචාරක පටයක් වැඩිම පිරසක් නරඹා තිබුණේ ගිය වසරේ තිරගත වූ සල්මාන් ඛාන්ගේ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය වන අතර, ඒ මිලියන 31ක් බව සහන් වේ.
ෂාරුක් ඛාන්, අනුෂ්කා ෂර්මා හා කත්‍රිනා කයිෆ් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටයේ බොහෝ බොලිවුඩ් සුපිරි තරු ආරාධිත චරිත සඳහා එක්ව සිටින බව සඳහන් වේ. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගනු ඇති බවට මේ වනවිටත් ඉඟිපල කොට තිබෙන බවය.