'සිරෝ' කෝටි 100ක ආදායමක් උපයන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-29-ent-149

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් මේ වසරේ සිය රසික පිරිස් මුණ ගැසෙන පළමු චිත්‍රපටය වන්නේ ආනන්ද එල් රායි අධ්‍යක්ෂණය කළ ‘සිරෝ’ චිත්‍රපටයයි. දෙසැම්බර් 21 වැනි දින ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටය ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන්ට අයත් ‘රෙඩ් චිලි’ ආයතනය විසින් කෝටි 200ක් වැය කරමින් නිෂ්පාදනය කළ චිත්‍රපටයක්ද වෙයි.

ෂාරුක් සමගින්, කත්‍රිනා කයිෆ් හා අනුෂ්කා ෂර්මා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය තිරගත වීමට පෙරම ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් ලැබී ඇතැයි වාර්තා වේ. ඒ විදෙස් රටවල් සඳහා ප්‍රදර්ශනය කිරීමට මෙම චිත්‍රපටය එක්තරා සමාගමක් විසින් ඉන්දීය රුපියල් කෝටි 100කට මිළදි ගැනීම නිසාවෙන් බව සඳහන් වේ. සිනමා විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ ෂාරුක් අවසන් වරට රඟපෑ ‘ඩියර් සින්දගී’, ‘රේයිස්’, හා ‘ජබ් හැරී මේජ් සේජල්’ චිත්‍රපට ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වීම හේතුවෙන් මෙම ‘සිරෝ’ චිත්‍රපටයද එවැනි අති සාර්ථකත්වයක් හිමි කරගනු ඇතැයි විශ්වාස කළ හැකි බවය.