සිරගත වූ ගායිකාවගෙන් උසාවියට ඇපෑලක්
ඊජිප්තු අධිකරණයක් මගින් එරට ජනප්‍රිය ගායිකාවකට වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමේ පුවතක් පසුගිය දිනක විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කරනු ලැබීය. ශයිමා අහමඩ් නමැති 25 වැනි වියේ පසුවන මෙම ගායිකාව අඩනිරුවත් මියුසික් වීඩියෝවක පෙනී සිටීම හේතුවෙන් මෙලෙස දඬුවමට ලක්ව තිබේ. මෙම චෝදනාව හේතුවෙන් පසුගියදා ඇයව අත්අංඩගුවට ගෙන තිබේ.
එම මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කරනු ලැබූ අධ්‍යක්ෂකවරයාටද අධිකරණය මගින් වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇති නමුත් ඔහු නඩු විභාගය සඳහා පෙනී නොසිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඇය මේ වන විට මෙම නඩුව සම්බන්ධයෙන් ඉහළ උසාවියට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.