‘සිම්බා’ කෝටි 300ක් උපයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-19

රෝහිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘සිම්බා’ චිත්‍රපටය මේ වනවිට ඉන්දී්‍ය රුපියල් කෝටි 300ට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. 2018 වසරේ අවසන් බොලිවුඩ් චිත්‍රපටය ලෙස තිරගත වූ මෙම චිත්‍රපටය මෙවැනි මුදලක් උපයා ගැනීම විශේෂත්වයකි.

රන්වීර් සිං හා නවක නිළි සාරා අලී ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබු මෙම චිත්‍රපටය ජනප්‍රිය තෙළෙඟු චිත්‍රපටය වූ ‘ටෙම්පර්’ චිත්‍රපටයේ අනු නිර්මාණයක් ලෙස ‘සිම්බා’ නම් කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 80ක වියදමකින් තැනුණ මෙම චිත්‍රපටය මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපට අතර, පස්වැනි තැන දිනා ගැනීමට සමත්ව තිබේ.