සිනමා ශාලා 5000ක පෙන්වන 'තග් ද හින්දුස්තාන්'
නොවැම්බර් 08 වැනිදින බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වන විජය කිශ්ණන් ආචාරියාගේ ‘තග් ද හින්දුස්තාන්’ චිත්‍රපටය ඉන්දියාවට සමගාමිව ලොවපුරා සිනමා ශාලා 5000ක එක්වර ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන බව සඳහන් වේ. ඒ හින්දි, ඉංග්‍රීසි, දමිල හා තෙළෙඟු භාෂාවලිනි.
ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි වියදමකින් තැණුන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත අමිර් ඛාන්, අමිතාබ් බච්චන්, ෆාතිමා සානා සක්ෂි හා කත්රිනා කයිෆ් නිරූපණය කරනු ලබයි. ඉන්දීය සිනමාව වෙනස් පැත්තකට යොමු කරනු ඇතැයි සිනමා විචාරකයින් පෙන්වා දෙන මෙම චිත්‍රපටය පසුගිය වසරේදී රූපගත කළ චිත්‍රපටයක්ද වේ. ආදිත්‍ය චොප්රා මෙහි නිෂ්පාදන බරපැණ දරා තිබේ.