සිධාර්ත් නොඉවසිල්ලෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200727-64

කාර්යබහුල ජීවිතයක් ගත කළ අයෙකුට එක් තැනකට වී සෑහෙන කලක් රැඳී සිටින්නට සිදු වීම දඬුවමක් හා සමානය.

“දවසක් දෙකක්නම් ඒක විවේකයක් කියලා හිතන්න පුළුවන්.. ඒත් දිගින් දිගටම ඉන්නකොට එපා වෙනවා.. කාලය ගෙවා ගන්න හරි අමාරුයි..”

රට වසා දැමීම නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට නොහැකි වී සිටින සිධාර්ත් මල්හෝත්‍රා පවසයි.

ඉස්සන් ඉවීමේ සිට පොත් කියවීම දක්වා විවිධ කාර්යයන්වල නිරත වෙමින් කාලය ගෙවා ගන්නා දර්ශන සහිත වීඩියෝ ඔහු පසුගිය කාලයේ අන්තර්ජාලයට එක් කර තිබිණි. මේ දිනවල ඔහු සිය ට්විටර් අඩවියට එක් කරන්නේ චිත්‍රපටි රූගත කළ ස්ථානවල ඡායාරූප හා වීඩියෝය. නැවතත් ඒ කාර්යබහුල ජීවිතය අරඹන්නට ඔහු තුළ ඇති නොඉවසිල්ල ඒවායින් ප්‍රදර්ශනය වන බැව් නරඹන්නෝ කියති.